Monday, 8 February 2010
ළමා වියත් යොවුන් අතර- මල් මෙන් පියකරුකුරුල්ලන් මෙන් නිදහස් ජිවිතය රසබරය: විචිත්‍රවත් ය: වර්ණවත්ය.
මේ රසබර වුත් විචිත්‍රවත් වුත් වර්නවත් වුත් ජිවිතයේ සුන්දරත්වයෙන් හා චමත්කාරයෙන් ද අනුරාගයෙන් ද පෝෂිත වු ළපටි සිතක පහල වන රසවත් හැගිම් මුළු ජිවිත කාලයේම උපුටා දැමිය නොහැකි තරම් ශක්තිමත් ව හා ස්ථිර ව පැලපදියම් වීම ස්වාභාවික න්‍යායකි.
ළමා වීය ගෙවා යොවුන් වීයේ දොරටුව අසල දී හමු වූ මෙවෙනි විවිද වූත් නවතම වූත් හැගීම් මාලාවෙක සුගත් හා දමයන්ති මුළාවටපත් වූහ.
ඔවුන්ගේ කතාව වූකලි යොවූන් වීයේ නැවුම් රසය පිළිබද අනුවේදනීය කතා පුවතයී.
ප්‍රාරම්භය
"සුගත් ඔයා මුණ ගැහෙන්න දවස් ගණනක ඉදලයි මම හිටියෙ.....ඇයි සුගත් තරහෙන් වගෙ?"
"කොහොමද ඔයා දන්නෙ මම මෙහෙ ඉන්න බව?"
"මම තවත් දේවල් දන්නවා.සුගත්,ඔයා දැන් හරියට බොනව ලු?
" කාටවත් පාඩුවක් නැනෙ දමයන්තී මගෙ බීමෙන්?"
"ඇයි සුගත් එහෙම කියන්නේ ? කිසි කෙනෙකුගෙ වගක් මොටද ඔයාට වෙන හානිය?"
"ඒකෙන් අමුතු හානියක් වෙන්න දෙයක් නෑ දමයන්තී,දැන් "
" ඔයා මොළේ තියන මිනිහහෙක්............."
"ඒක තමා මට වුණ විපත්තිය.......පල් මෝඩයෙක් වෙලා උපන්න නම්......"
"සුගත්, මට ආරංචීයි ඔයා හෑමදාම බොනව ලු. නැගිට ගන්න බෑරි තරමට බොනව ලු."
"ආයිත් කියනව! මම බිව්වම කටවත් මොකද?"
"ඔහොම කතා කරන්න එපා සුගත්.ඔහොම මගෙ හිත පාරවන්න එපා.පව්.!"
"කෙනෙකුගෙ හිත පාරවන එක පවක්ද දමයන්තී?"
"සුගත් පරාද කරන්න පුලුවන් බව දැන දැන කෙනෙකුට ගහන්න එපා සුගත්.මම ඔයා මුණ ගැහෙන්න ආවෙ ඔහොම කතා නො කරයි කියල හිතගෙන.”
බොහෝ වේලාවක් තිස්සේ ඇයගේ දෙ නෙත් පිරෙමින් තිබුණු කදුළු ගුලි ගැසී බිදුවක් කම්මුල දිගේ ගල ගිය අතර අනෙක පිටි අත්ල මත වැටිණි. ඔහු හොරෑහින් කදුළු බිදුව දෙස බලනු දුටු ඈ අත සාරී පටින් වස ගත්තාය. කතා බහක් නැතිව විනාඩියක් පමණ ගත විය.
ඔහු නැගිට ගොස් බිත්තියේ සීනු බොත්තම තද කර පෙරළා ඇය වෙත පැමිණ වාඩි වූයේය.
"මොනවද දම්මී බොන්නේ?"
"කැමති දෙයක්"
"කස ඇට දලා අයිස් සරුවත් වලට ඔයා තාමත් ආසද?"
ප්රථම වරට ඔහුගේ මුහුණේ සිනවක් මතු විය.ඈ ද සිනසෙන්නට උත්සාහ ගත්තා ය.
සේවකයා දොරට තට්ටු කරන හඩ ඇසිණි.
"ඔයාට ඔවා තවම මතකයි"
ඔහු දොර හැර,පිටත රැදි සිටි සේවකයා යමක් නියම කර,යළි අසුන වෙත පැමිණීයේ ය.
"ඔයා මොකක්ද කිව්වෙ?"
"කස ඇට අයිස් සරුවත් ගැන තාම මතකයි."
ඔහුගෙ සිනාව අතුරුදහන් විය.යළි නිහඩතවකි.
"සුගත්, මම ඔයාගෙන් එකම ඉල්ලිමක් කරන්නයි ආවෙ.....
ඔයා ඒක ඉශ්ට කරනවද?
"මොකද්ද? පුලුවන් දෙයක් නම් කරන්නම්."
"පොරොන්දු වෙන්න ඔය බීම අත් අරිනවා කියල"
"මගෙන් පොරොන්දුවක් ඉල්ලන්න ඔයාට ඇති අයිතිය මොකක් ද?
මම ඔයාට පොරොන්දුවක් වෙන්න ඇති යුතුකම මොකක් ද?"
ඕ ඉකී බිද හඩන්නට පටන් ගත්තා ය. ඔහු බීබී සිටි සිගරට් කොටය අළු බදුනේ පත්ලේ තබා පොඩි කර,තවත් සිගරට්ටුවක් අලුතෙන් පත්තු කර ගත්තේ ය.
"මට අයිතියක් නෑ සුගත්.නමුත් ඔයාට තියනව ඔහොම මට කතා කරන්න සම්පුර්ණ අයිතිය.ඒ විතරක් නෙවි.ඔයා ළගට ආවම මට පයින් ගහලා එළව දාන්නත් අයිතියක් තියනව. මම නොදැන ආව නෙවි."
Subscribe to:
Post Comments (Atom)
mage priyathama nawal eka..mathak kara kara adanna puluwan...
ReplyDeletemulu kathawama liyanawada? ela ela...hithata puduma gathiyak denenawameeka kiyawana kota.. eeka dukadda sathutak da wedanawak da kiyala hitha ganna behe. eeth es agata kadulu bindu goda wenne ei kiyala mata hitha ganna behe.
ReplyDeletemama kiyawala ne
ReplyDelete